විසිතුරු ජලජ පැළෑටි වගාවට නාරා අතහිත
ජලජ පැළෑටි යනු ජලජ පරිසර තත්වයන්ට හැඩගැසුණු ඒ සඳහා විශේෂිත අනුවර්තන පවතින පැළෑටිය . ජලජ පැළෑටිවලින් විවිධාකාරයේ ප්‍රයෝජන පවතින අතර ඒවා ආහාර වශයෙන් ද ඖෂධ වශයෙන්ද විසිතුරු මසුන් සහිත ජලාලයන් අලංකරණය සඳහා ද යොදාගනී . ඒවායේ සෞන්දර්යාත්මක බව ඉස්මතු කරමින් එයට විශේෂිත ආකර්ෂණයක් ලබාදීම සඳහා විසිතුරු ජලජ පැළෑටි මගින් මහඟු මෙහෙවරක් ඉටුවේ . මින්මැදුරු අලංකරණයට අමතරව දිවාකල ඔක්සිජන් වායුව සපයන ප්‍රභවයක් ලෙසද ජලජ පැළෑටි වැදගත් වේ . එසේම මින්මැදුරු තුළ කරදරකාරී ලෙස වැවෙන්නා වු නොයෙකුත් ඇල්ගී විශේෂ මැඩපවත්වා ගැනීමද ජලජ පැළෑටි මගින් සිදුකරයි . බිත්තර දමන මසුන්ට එම කාර්යයේ දී සහාය වන මාධ්‍යයක් ලෙසද ජලජ පැළෑටි වැදගත් වන බව හඳුනාගෙන ඇති අතර කලහකාරී නොවන මසුන්ට අනෙකුත් විලෝපික මසුන්ගෙන් සැඟවීමට සුදුසු කදිම පරිසරයක් ද ජලජ පැළෑටි මගින් නිර්මාණය කරයි . මෙලෙස මත්සයින්ට අවශ්‍ය ආරක්ෂිත පරිසරයක් සපයන අතර ඔවුන්ට තම ස්වාභාවික පරිසරය , කෘතිම පරිසරයක් තුළ දී ප්‍රතිනිර්මාණය කරදීමටද ජලජ පැළෑටි උපකාරී වේ . මින්මැදුරු තුළදී සිදුකරන කාර්යභාරයට අමතරව මේවා පාරිසරික පද්ධතිවල සම...