ඔබ කඩොල්කැලේ නාරා ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයට පැමිණීමේ වැදගත්කම
මීගමුව, කඩොල්කැලේ පිහිටි ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානය කොළඹට කිලෝමීටර් 30 ක් උතුරින් වයඹ වෙරළ තීරයේ පිහිටා ඇත. එය මීගමුව මෝයට යාබදව පිහිටා ඇති අතර හෙක්ටයාර 14 ක කඩොලාන ප්රදේශයක පිහිටා ඇත. මෙම පර්යේෂණ මධ්‍යස්ථානය මීගමුව නගරයට ආසන්නව පිහිටා තිබුණද, කඩොලාන වනාන්තරය පිළිබඳ සජීවී අත්දැකීමක් මධ්‍යස්ථානය නැරඹීමෙන් ලබාගත හැකි වේ. විද්‍යාත්මක පදනම යටතේ මෙම විශාල කඩොලාන පැල්ලම, විවිධ කඩොලාන වාසස්ථාන වලට අනුකූලව ගවේෂණය කිරීම සඳහා විද්වතුන්, පර්යේෂකයන් සහ විශ්ව විද්යාල උපාධි අපේක්ෂකයින්ගේ අවධානය දිනා ගෙන ඇත. පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය විසින් 2019 දි ප්‍රකාශයට පත් කරන ලද කඩොලාන මාර්ගෝපදේශයට අනුව කඩොල්කැලේ කඩොලාන උද්‍යානය සැබෑ කඩොලාන විශේෂ 21 න් 20 කින් සමන්විත වේ. මෙම පරිසර පද්ධතිය කඩොලාන ආශිත ශාක හා සත්ත්ව විශේෂ වලට නිජබිමක් වන අතරම ප්‍රජවට බොහෝ ප්‍රතිලාභ ලබා දේ. අන්තර් උදම් කලාපයේ පිහිටා ඇති කඩොලාන පරිසර පද්ධතිය, ලවණතා උච්චාවචනය න්, මඩ සහිත ඔක්සිජන් ඌන පාංශු තත්වයන්, ඉහළ උෂ්ණත්ව පරිසර තත්වයන්, තද සුළං සහිත පරිසර තත්වයන් මෙන්ම වඩදිය සහ බාදිය තත්ව වලට නොනවත්වා යටත් වේ. එමනිසා, විවිධ පාරිසර...