Posts

ඔබ කඩොල්කැලේ නාරා ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයට පැමිණීමේ වැදගත්කම

Image
මීගමුව, කඩොල්කැලේ පිහිටි ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානය කොළඹට කිලෝමීටර් 30 ක් උතුරින් වයඹ වෙරළ තීරයේ පිහිටා ඇත. එය මීගමුව මෝයට යාබදව පිහිටා ඇති අතර හෙක්ටයාර 14 ක කඩොලාන ප්රදේශයක පිහිටා ඇත. මෙම පර්යේෂණ මධ්‍යස්ථානය මීගමුව නගරයට ආසන්නව පිහිටා තිබුණද, කඩොලාන වනාන්තරය පිළිබඳ සජීවී අත්දැකීමක් මධ්‍යස්ථානය නැරඹීමෙන් ලබාගත හැකි වේ. විද්‍යාත්මක පදනම යටතේ මෙම විශාල කඩොලාන පැල්ලම, විවිධ කඩොලාන වාසස්ථාන වලට අනුකූලව ගවේෂණය කිරීම සඳහා විද්වතුන්, පර්යේෂකයන් සහ විශ්ව විද්යාල උපාධි අපේක්ෂකයින්ගේ අවධානය දිනා ගෙන ඇත. පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය විසින් 2019 දි ප්‍රකාශයට පත් කරන ලද කඩොලාන මාර්ගෝපදේශයට අනුව කඩොල්කැලේ කඩොලාන උද්‍යානය සැබෑ කඩොලාන විශේෂ 21 න් 20 කින් සමන්විත වේ. මෙම පරිසර පද්ධතිය කඩොලාන ආශිත ශාක හා සත්ත්ව විශේෂ වලට නිජබිමක් වන අතරම ප්‍රජවට බොහෝ ප්‍රතිලාභ ලබා දේ. අන්තර් උදම් කලාපයේ පිහිටා ඇති කඩොලාන පරිසර පද්ධතිය, ලවණතා උච්චාවචනය න්, මඩ සහිත ඔක්සිජන් ඌන පාංශු තත්වයන්, ඉහළ උෂ්ණත්ව පරිසර තත්වයන්, තද සුළං සහිත පරිසර තත්වයන් මෙන්ම වඩදිය සහ බාදිය තත්ව වලට නොනවත්වා යටත් වේ. එමනිසා, විවිධ පාරිසර...

හම්බන්තොට වෙරළට ගොඩගසා ඇත්තේ නෞකාවක්ම ද….?

පසුගිය 2023.09.04 දා හම්බන්තොට ලුනු ලේවායට ආසන්න ප්‍රදේශයේ මුහුදු සීමාවට ඉන්දුනීසියාවේ සිට මාලදිවයින දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබූ බත්තලක් ගොඩගසා ඇති බව වාර්තා වූ අතර එය නිරීක්ෂණයට නාරා කණ්ඩායමක් සහභාගී විය. Olympic Sembankeg නැමැති මෙම බත්තල (Barge) Star Jakarta නැමති ටග් යාත්‍රාවක් මගින් ඇදගෙන ගොස් ඇති අතර එම අනතුර සිදුවන අවස්ථාව වන විට එහි ස්වාභාවික වැලි (Silika and Quartz sand) ටොන් 7600ක් තිබූ බවට කරුණු අනාවරණය විය. බත්තල ඇදගෙන ගිය ටග් යාත්‍රාවට ඉන්ධන ලබාගැනීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණීමට සැලසුම්කර තිබූ අතර එතෙක් එය තවත් ටග් යාත්‍රාවක් මගින් රඳවා තබාගැනීමට සැලසුම්කර කිබුණි. නමුත් අයහපත් කාලගුණ තත්වය යටතේ එම බත්තල සම්බන්ධකර තිබූ කඹය කැඩී ඇති අතර බත්තල ගසාගෙන ගොස් හම්බන්තොට මුහුදු තීරයේ ලුනු ලේවායට ආසන්න ප්‍රදේශයේ රැඳී ඇති බව වාර්තා විය. අප එහි යන අවස්ථාවේ බත්තලෙන් අඩක් පමණ වැලි ඉතිරිව තිබූ අතර මේ වන විට වැලි සියල්ලම සේදී ගොස් ඇත. එමෙන්ම එය ගැටගැසීමට භාවිතා කරන ලද කඹ සහ කේබල් බත්තල ගොඩගසා තිබූ වෙරළේ තිබී නිරීක්ෂණය කරන ලදි. එමෙන්ම ගානට් මිශ්‍ර දුඹුරු පැහැති වැලි පවත...

ඔබ රැකව නාරා ප්‍රාදේශිය පර්යේෂණ මධ්‍යස්ථානය නැරඹීමට යා යුත්තේ ඇයි?

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකව කලපුවට යාබදව පිහිටි මනරම් භූමියක රැකව නාරා ප්‍රාදේශිය පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටා ඇති අතර එය “ ධීවර හා ජලජ සම්පත්වල තිරසාර බව තහවුරු කරමින් වර්තමාන සහ අනාගත පරම්පරාවල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගනිමින් ප්‍රජා මූලික කළමනාකාරිත්වය සහ සුදුසු තාක්ෂණය භාවිතා කිරීම තුළින් ප්‍රජාව සහ ආයතන ඇතුළු සියළු සම්පත් මෙහෙයවීම. ” මෙහෙවර යටතේ ක්‍රියාත්මක වේ. මෙම මධ්‍යස්ථානය ආශ්‍රිතව පවතින සුන්දර කඩොලාන පරිසරය මෙන්ම රැකව කලපුව අධ්‍යනයට දේශිය මෙන්ම විදේශිය විශ්වවිද්‍යාල සිසුන් බොහෝ පිරිසක් මෙහි පැමිණෙන අතර පාසල් සිසුන්ටද මෙම පරිසරය ගැන අත්දැකීමක් ලබාගැනීමට මෙම මධ්‍යස්ථානය මහඟු තෝතැන්නක් වේ. තවමත් මානව ක්‍රියාකාරකම් හමුවේ විනාශ නොවුනු මෙම මනරම් රැකව කලපුව හා කඩොලාන පරිසර පද්ධතිය මහ කඩොල් ( Rhizophora mucronata ) , මල් කඩොල් ( Bruguiera gymnorhiza සහ Bruguiera   sexangula ) , ඇවරි කඩොල් ( Aegiceras   corniculatum ) , තෙල ( Excoecaria   agallocha ) , බෑරිය ( Lumnitzera   racemosa ) වැනි කඩොලාන විශේෂ 11කින් පරිපූර්ණ වේ. එමෙන්ම කඩොලාන ප...

Why you should visit NARA Regional Research Centre at Kadolkele?

Image
The regional research center at Kadolkele, Negombo situated 30 km north of Colombo on the North Western Coast. It lies adjacent to the Negombo estuary and is located in a mangrove area of 14 ha in extent. Though the research center is situated closer to Negombo town, an experience of mangrove forests could be obtained by visiting. Under the scientific platform, this large mangrove patch has acquired the attention of scholars, researchers, and university undergraduates for exploring in accordance with diverse mangrove habitats. Mangrove Park at Kadolkele R.R.C. consists of 20 true mangrove species out of 21 in accordance with the mangrove guide published by the Ministry of Environment and Wildlife Resources in 2019. The ecosystem caters to the demand of mangrove-associated flora and fauna while extending numerous benefits to the community. Diverse mangrove ecosystems in intertidal zones are unceasingly subject to salinity fluctuations, muddy anoxic soil conditions, higher temperature co...

විසිතුරු ජලජ පැළෑටි වගාවට නාරා අතහිත

Image
  ජලජ පැළෑටි යනු ජලජ පරිසර තත්වයන්ට හැඩගැසුණු ඒ සඳහා විශේෂිත අනුවර්තන පවතින පැළෑටිය . ජලජ පැළෑටිවලින් විවිධාකාරයේ ප්‍රයෝජන පවතින අතර ඒවා ආහාර වශයෙන් ද ඖෂධ වශයෙන්ද විසිතුරු මසුන් සහිත ජලාලයන් අලංකරණය සඳහා ද යොදාගනී . ඒවායේ සෞන්දර්යාත්මක බව ඉස්මතු කරමින් එයට විශේෂිත ආකර්ෂණයක් ලබාදීම සඳහා විසිතුරු ජලජ පැළෑටි මගින් මහඟු මෙහෙවරක් ඉටුවේ . මින්මැදුරු අලංකරණයට  අමතරව දිවාකල ඔක්සිජන් වායුව සපයන ප්‍රභවයක් ලෙසද ජලජ පැළෑටි වැදගත් වේ .   එසේම මින්මැදුරු තුළ කරදරකාරී ලෙස වැවෙන්නා වු නොයෙකුත්  ඇල්ගී විශේෂ මැඩපවත්වා ගැනීමද ජලජ පැළෑටි මගින් සිදුකරයි . බිත්තර දමන මසුන්ට  එම කාර්යයේ දී සහාය වන මාධ්‍යයක් ලෙසද ජලජ පැළෑටි වැදගත් වන බව හඳුනාගෙන ඇති අතර කලහකාරී නොවන මසුන්ට අනෙකුත් විලෝපික මසුන්ගෙන් සැඟවීමට සුදුසු කදිම පරිසරයක් ද ජලජ පැළෑටි මගින් නිර්මාණය කරයි . මෙලෙස මත්සයින්ට අවශ්‍ය ආරක්ෂිත පරිසරයක් සපයන අතර ඔවුන්ට තම ස්වාභාවික පරිසරය , කෘතිම පරිසරයක් තුළ දී ප්‍රතිනිර්මාණය කරදීමටද ජලජ පැළෑටි උපකාරී වේ . මින්මැදුරු තුළදී සිදුකරන කාර්යභාරයට අමතරව මේවා  පාරිසරික පද්ධතිවල සම...

ශ්‍රී ලංකාවේ වෙරල තීරයන්ට නීල ධජ ( Blue Flag ) සහතිකයක් !!!!

Image
නීල ධජ සංකල්පය නැතහොත් නීල ධජ සහතිකය යනු වෙරළ තීරයක්, මරීනා හෝ සංචාරක බෝට්ටු ක් ‍ රියාකරුවෙකුට ලබා ගත හැකි සහතිකයක් වන අතර එය තිරසාර සංවර්ධනය ප් ‍ රමුඛ කොටගත් පාරිසරික ලේබලයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එම සංකල්පය තුළ පාරිසරික, අධ් ‍ යාපනික හා ආරක්ෂාව සම්බන්ධ ප් ‍ රවේශ නිර්ණායකයන්හි විශිෂ්ටත්වය අපේක්ෂා කරනු ලැබේ. නීල ධජ සංකල්පය 1985 දි ප් ‍ රංශයේ දි ආරම්භ කෙරෙනුයේ ජාත් ‍ යන්තර රාජ් ‍ ය නොවන සංවිධානයක් වන පාරිසරික අධ් ‍ යාපන පදනම විසිනි. 2001 වසර වන තෙක් යුරෝපයට පමණක් සීමා වූ මෙම සංකල්පය මේ වන විට ගෝලීය වැඩසටහනක් ලෙස බොහෝ රටවල් තුළ ක් ‍ රියාත්මක වේ. මේ වන විටත් රටවල් 47 ක් තුළ මෙම වැඩසටහන සක් ‍ රියව ක් ‍ රියාත්මක වේ. නීල ධජ වැඩසටහන ජලයේ ගුණාත්මකබාවය, පාරිසරික කළමණාකරණය, පාරිසරික අධ් ‍ යාපනය හා ආරක්ෂාව යන ප් ‍ රධාන නිර්ණායක 4ක් ඔස්සේ මිරිදිය සහ සාගර ප් ‍ රදේශවල තිරසාර සංවර්ධනය ප් ‍ රවර්ධනය කරනු ලැබේ. පසුගිය වසර කිහිපය මුළුල්ලේම විවිධ රටවල් තුළ සංචාරක හා පාරිසරික ක්ෂේත් ‍ ර යා කරමින් දේශිය, කලාපීය සහ ජාතික වශයෙන් සිදු කළ ව් ‍ යාපෘති තුළින් නීල ධජ සංකල්පයෙහි වැදගත්කම මනාව පැහැදිලි වේ. නීල ධජ ...