ශ්‍රී ලංකාවේ වෙරල තීරයන්ට නීල ධජ ( Blue Flag ) සහතිකයක් !!!!





නීල ධජ සංකල්පය නැතහොත් නීල ධජ සහතිකය යනු වෙරළ තීරයක්, මරීනා හෝ සංචාරක බෝට්ටු ක්රියාකරුවෙකුට ලබා ගත හැකි සහතිකයක් වන අතර එය තිරසාර සංවර්ධනය ප්රමුඛ කොටගත් පාරිසරික ලේබලයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එම සංකල්පය තුළ පාරිසරික, අධ්යාපනික හා ආරක්ෂාව සම්බන්ධ ප්රවේශ නිර්ණායකයන්හි විශිෂ්ටත්වය අපේක්ෂා කරනු ලැබේ.

නීල ධජ සංකල්පය 1985 දි ප්රංශයේ දි ආරම්භ කෙරෙනුයේ ජාත්යන්තර රාජ්ය නොවන සංවිධානයක් වන පාරිසරික අධ්යාපන පදනම විසිනි. 2001 වසර වන තෙක් යුරෝපයට පමණක් සීමා වූ මෙම සංකල්පය මේ වන විට ගෝලීය වැඩසටහනක් ලෙස බොහෝ රටවල් තුළ ක්රියාත්මක වේ. මේ වන විටත් රටවල් 47 ක් තුළ මෙම වැඩසටහන සක්රියව ක්රියාත්මක වේ.
නීල ධජ වැඩසටහන ජලයේ ගුණාත්මකබාවය, පාරිසරික කළමණාකරණය, පාරිසරික අධ්යාපනය හා ආරක්ෂාව යන ප්රධාන නිර්ණායක 4ක් ඔස්සේ මිරිදිය සහ සාගර ප්රදේශවල තිරසාර සංවර්ධනය ප්රවර්ධනය කරනු ලැබේ. පසුගිය වසර කිහිපය මුළුල්ලේම විවිධ රටවල් තුළ සංචාරක හා පාරිසරික ක්ෂේත්ර යා කරමින් දේශිය, කලාපීය සහ ජාතික වශයෙන් සිදු කළ ව්යාපෘති තුළින් නීල ධජ සංකල්පයෙහි වැදගත්කම මනාව පැහැදිලි වේ.
නීල ධජ වැඩසටහනේ විවිධාකාර මෙන්ම බොහෝ වාසි හදුනා ගත හැකිය. එම වාසි පාරිසරික ආරක්ෂාව, පාරිසරික අධ්යාපනය සහ තිරසාර සංවර්ධනය සදහා වන මූලික අරමුණු වල සිට මූල්යමය ප්රතිලාභ දක්වා වූ පරාසයක විහිදෙයි. නීල ධජය යනු පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විශ්වාසදායක සංකේතයක් බැවින් එම ධජය අත්කර ගැනීම තුළින් රටට අත්වන කීර්තිය සුළු පටු නොවේ. පාරිසරික ආරක්ෂාව පිළිබද මෙම කීර්තිය උපයෝගි කරගනිමින් සංචාරක ගමනාන්තයක් ලෙස සංචාරක වෙළදපොලට වැඩි වශයෙන් අවතීර්ණ වීමටත් රටට අවස්ථාව උදා වේ. නීල ධජධාරි වෙරළවල් සොයා ඇදෙන සංචාරකයින් ප්රමාණය අතිමහත්ය. එය වත්මන් ලෝකය තුළ එක්තරා නැඹුරුවක් ලෙස සැලකිය හැක. මේ හරහා විදේශ විනිමය රට තුළට ගෙන ඒමටත් සංචාරක ක්ෂේත්රයේ දියුණුව තුළින් වෙරළාශ්රිත ජනයාගේ ජීවන තත්වය උසස් කිරීමටත් හැකිවනු ඇත. පාරිසරික අධ්යාපනයට මෙම වැඩසටහන තුළ මූලිකත්වය ලැබෙන බැවින්, ජනතාවට මෙන්ම සිසු දරුවන්ටත් මූලික අවබෝධය ලබා දී පරිසර දූෂණය කෙරෙහි ජනතාව තුළ ඇති ආකල්ප වෙනස් කිරීමට මූලික අඩිතාලම ස්ථාපනය කිරීමට මෙමගින් හැකියාව ලැබේ.
අවසාන වශයෙන් මෙරට සංචාරක කර්මාන්තයට වෙරළ හා සාගරය ආශ්රිත ප්රදේශ මගින් සියයට 70 ක පමණ දායකත්වයක් ලබාදෙන බැවින් එම කර්මාන්තය ආශ්රිත ඉලක්ක සපුරා ගැනීමට නම් පිරිසිඳු වෙරළක් හා සාගරයක් පවත්වා ගැනීම අත්යාවශ්ය බැවින් ශ්රී ලංකාවට නීල ධජ සහතික ලබා ගැනීම කාලෝචිත ප්රයත්නයක් ලෙස දැක්විය හැක.
ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්රී ලංකාවට හිමිව ඇති ස්ථානය ආරක්ෂා කරගනිමින් අනාගතයේ සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නීල ධජ සංකල්පය බොහෝ සෙයින් දායක වන බව නොඅනුමානය.
මේ වන විට නාරා ආයතනයේ පරිසර අධ්යයන අංශය විසින් නීල ධජ සහතිකයේ මූලික නිර්ණායකයක් වන ජල ගුණාත්මකබාවය පරීක්ෂා කිරිමේ ව්යාපෘතියක් උණවටුන, මිරිස්ස හා පොල්හේන යන වෙරළවල් සදහා ආරම්භ කොට ඇත. මෙම ව්යාපෘතිය තුළ ඉහත කී වෙරළවල් සදහා නීල ධජ සහතිකය ලබා ගැනීමේ ශක්යතාවය අධ්යනය කරනු ලැබේ. අවසාන වශයෙන් ඉදිරි වසර කිහිපය තුළ දිවයිනේ අනෙකුත් ප්රධාන වෙරළවල් සදහා නීල ධජ සහතිකය ලබා ගැනීමේ මූලික නිර්ණායකයක් වන ජල ගුණාත්මකබාවය පරීක්ෂා කිරීමට නාරා ආයතනයේ පරිසර අධ්යයන අංශය මේ වන විටත් සැලසුම් සකස් කොට තිබේ.

 - රමෝද් ජයවර්ධන

 - විද්‍යාඥ

 - පරිසර අධ්‍යනය අංශය

Comments

Popular posts from this blog

Why you should visit NARA Regional Research Centre at Kadolkele?

විසිතුරු ජලජ පැළෑටි වගාවට නාරා අතහිත