ඔබ කඩොල්කැලේ නාරා ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයට පැමිණීමේ වැදගත්කම

මීගමුව, කඩොල්කැලේ පිහිටි ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානය කොළඹට කිලෝමීටර් 30 ක් උතුරින් වයඹ වෙරළ තීරයේ පිහිටා ඇත. එය මීගමුව මෝයට යාබදව පිහිටා ඇති අතර හෙක්ටයාර 14 ක කඩොලාන ප්රදේශයක පිහිටා ඇත. මෙම පර්යේෂණ මධ්‍යස්ථානය මීගමුව නගරයට ආසන්නව පිහිටා තිබුණද, කඩොලාන වනාන්තරය පිළිබඳ සජීවී අත්දැකීමක් මධ්‍යස්ථානය නැරඹීමෙන් ලබාගත හැකි වේ. විද්‍යාත්මක පදනම යටතේ මෙම විශාල කඩොලාන පැල්ලම, විවිධ කඩොලාන වාසස්ථාන වලට අනුකූලව ගවේෂණය කිරීම සඳහා විද්වතුන්, පර්යේෂකයන් සහ විශ්ව විද්යාල උපාධි අපේක්ෂකයින්ගේ අවධානය දිනා ගෙන ඇත. පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය විසින් 2019 දි ප්‍රකාශයට පත් කරන ලද කඩොලාන මාර්ගෝපදේශයට අනුව කඩොල්කැලේ කඩොලාන උද්‍යානය සැබෑ කඩොලාන විශේෂ 21 න් 20 කින් සමන්විත වේ. මෙම පරිසර පද්ධතිය කඩොලාන ආශිත ශාක හා සත්ත්ව විශේෂ වලට නිජබිමක් වන අතරම ප්‍රජවට බොහෝ ප්‍රතිලාභ ලබා දේ.

අන්තර් උදම් කලාපයේ පිහිටා ඇති කඩොලාන පරිසර පද්ධතිය, ලවණතා උච්චාවචනයන්, මඩ සහිත ඔක්සිජන් ඌන පාංශු තත්වයන්, ඉහළ උෂ්ණත්ව පරිසර තත්වයන්, තද සුළං සහිත පරිසර තත්වයන් මෙන්ම වඩදිය සහ බාදිය තත්ව වලට නොනවත්වා යටත් වේ. එමනිසා, විවිධ පාරිසරික තත්වයන් යටතේ කඩොලාන ශාක වල පැවැත්ම සඳහා අදාළ කඩොලාන විශේෂ විසින් නොයෙක් අනුවර්තනයන් පෙන්වන අතර අදාල අනුවර්තනයන් උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට අධ්‍යයනය කළ හැකි වේ. නොයෙක් වර්ගයේ වායු ධර මුල් (Avicinnia sp., Sonneratia sp.), දණහිස් මුල් (Bruguiera sp.), පටි මුල් (Xylocarpus sp.) සහ කරු මුල් (Rhizophora sp.) වැනි වායව මුල් ඇතුළු විවිධ මූල අනුවර්තනයන් කාර්යක්ෂමව වායු හුවමාරුව සදහා මෙන්ම මඩ සහිත උපස්ථරයේ වඩා හොඳ ස්ථාපිත වීම සඳහා දායක වී ඇති ආකාරය පිළිබදව සජීවීව අධ්‍යයනය කළ හැකි වේ.

ජලාබුජ ප්‍රරෝහක; මව් ශාකයට සම්බන්ධ වී තිබිය දීම ප්‍රරෝහකය එහි ප්‍රරෝහණය ආරම්භ කරන අතර මෙම අනුවර්තනය කඩොලාන වනාන්තරයේ ශාකමය ව්‍යුහය සහ සංයුතිය පවත්වා ගැනීමට වැදගත් වේ. Avicinnia විශේයේ පත්‍ර ලවණ ස්‍රාවය කරන ග්‍රන්ථි වලින් සමන්විත වන අතර එමඟින් අතිරික්ත ලවණ ඉවත් කිරීමට ශාකවලට උපකාර වේ. ඝන මාංසලමය පත්‍ර ජලය ගබඩා කිරීමට දායක වන අතර ඉටි ස්ථරයකින් ආවරණය වූ බාහිර අපිචර්මය ජල හානිය අවම කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ. කකුළුවන්, කුරුල්ලන්, කුරුමිණියන්, මොණරුන්, පිඹුරන්, කටුස්සන්, කබරයන්, වඳුරන් ඇතුළු විවිධ සත්ව ප්‍රජාවට වාසස්ථානයක් සපයන අතර එම ජීවීන් පිලිබද හදෑරීම සදහා පාරිසරික ක්‍රියාකාරීන්ට  මෙම පරිසර පද්ධතිය උනන්දුවෙන් ගවේෂණය කළ හැකිය. එපමණක් නොව, අධ්‍යයනයේදී ජෛව දර්ශකයක් ලෙස ක්‍රියා කරන ක්ෂුද්‍ර නිතළිවසීන් ප්‍රජාව  සම්බන්ධයෙන්ද ගවේෂණය කළ හැකිය.

මෙම පරිසර පද්ධතිය ඉහළ පර්යේෂණ විභවයකින් සමන්විත වන අතර ඒ අනුව දහස් සංඛ්‍යාත ජනතාවක් විවිධ අරමුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ස්ථානයට පැමිණේ. කඩොල්කැලේ ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානය, විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින් සහ විද්වතුන් සඳහා පර්යේෂණ කටයුතු සපුරාලීම සඳහා මෙන්ම දැනුම පිපාසය සපුරාලීම සඳහාද සුවිශේෂී දායකත්වයක් ලබා දේ. සදාහරිත පරිසරය මනස ලිහිල් කිරීම සඳහා දායක වන බැවින්, සාමාන්‍ය ජනතාව, ඡායාරූප ශිල්පීන් සහ පාරිසරික උගතුන් නිතර මෙහි පැමිණේ. එමෙන්ම, කඩොලාන වනාන්තර පරිසරය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන වලින්, පාසල් සිසුන් සහ උනන්දුවක් දක්වන පුද්ගලයින් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මෙහි පැමිණේ. මීට අමතරව, සමුද්‍ර සුන්බුන් එකතු වීම, කසළ දැමීම සමඟ ඉඩම් ගොඩ කිරීම, කඩොලානවල දැව වටිනාකම ඉලක්ක කර ගනිමින් කඩොලාන කැපීම වැනි මිනිස් මැදිහත්වීම ඉලක්ක කර ගනිමින් මෙම සමෘද්ධිමත් පරිසර පද්ධතියට වන විනාශය අවම කිරීම සදහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ස්වේච්ඡා සේවකයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් සිදු කරන අතර එමගින් මෙම පරිසරය සංරක්ෂණය කිරීමට ඔවුන්ගේ සහයෝගය ලබා දෙයි.

අනාගත පරම්පරාවන් සඳහා මෙම වැදගත් පරිසර පද්ධතිය තිරසාර ලෙස සංරක්ෂණය කිරීම සඳහා සාමාන්‍ය ජනතාවගෙන් නිමක් නැති දායකත්වය අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ඔබ පරිසර විමර්ශකයෙකු නම්, නාරා කඩොල්කැලේ කඩොලාන උද්‍යානය නැරඹීම ඔබේ මනසට සුවදායක වන අතර එය ඔබට අමතක නොවන ජීවිත අත්දැකීමක් ලබා දෙනු ඇත. එන්න, අප හා එක්වන්න, ඔබේ මතකයන් පොහොසත් කර ගන්න.








Comments

Popular posts from this blog

Why you should visit NARA Regional Research Centre at Kadolkele?

විසිතුරු ජලජ පැළෑටි වගාවට නාරා අතහිත

ශ්‍රී ලංකාවේ වෙරල තීරයන්ට නීල ධජ ( Blue Flag ) සහතිකයක් !!!!