හම්බන්තොට වෙරළට ගොඩගසා ඇත්තේ නෞකාවක්ම ද….?

පසුගිය 2023.09.04 දා හම්බන්තොට ලුනු ලේවායට ආසන්න ප්‍රදේශයේ මුහුදු සීමාවට ඉන්දුනීසියාවේ සිට මාලදිවයින දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබූ බත්තලක් ගොඩගසා ඇති බව වාර්තා වූ අතර එය නිරීක්ෂණයට නාරා කණ්ඩායමක් සහභාගී විය. Olympic Sembankeg නැමැති මෙම බත්තල (Barge) Star Jakarta නැමති ටග් යාත්‍රාවක් මගින් ඇදගෙන ගොස් ඇති අතර එම අනතුර සිදුවන අවස්ථාව වන විට එහි ස්වාභාවික වැලි (Silika and Quartz sand) ටොන් 7600ක් තිබූ බවට කරුණු අනාවරණය විය. බත්තල ඇදගෙන ගිය ටග් යාත්‍රාවට ඉන්ධන ලබාගැනීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණීමට සැලසුම්කර තිබූ අතර එතෙක් එය තවත් ටග් යාත්‍රාවක් මගින් රඳවා තබාගැනීමට සැලසුම්කර කිබුණි. නමුත් අයහපත් කාලගුණ තත්වය යටතේ එම බත්තල සම්බන්ධකර තිබූ කඹය කැඩී ඇති අතර බත්තල ගසාගෙන ගොස් හම්බන්තොට මුහුදු තීරයේ ලුනු ලේවායට ආසන්න ප්‍රදේශයේ රැඳී ඇති බව වාර්තා විය. අප එහි යන අවස්ථාවේ බත්තලෙන් අඩක් පමණ වැලි ඉතිරිව තිබූ අතර මේ වන විට වැලි සියල්ලම සේදී ගොස් ඇත. එමෙන්ම එය ගැටගැසීමට භාවිතා කරන ලද කඹ සහ කේබල් බත්තල ගොඩගසා තිබූ වෙරළේ තිබී නිරීක්ෂණය කරන ලදි. එමෙන්ම ගානට් මිශ්‍ර දුඹුරු පැහැති වැලි පවතින එම වෙරළ තීරයේ බත්තලෙන් ඉවත් වූ වැලි තැන්පත් වී ඇති බවද නිරීක්ෂණය විය. තවද කිසිදු තෙල් කාන්දුවක්ද නිරීක්ෂණය නොවුනි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ අනෙකුත් අදාල ආයතන මේ සම්බන්ධව ක්‍රියාත්මක වී ඇත.

වත්සලා සුවඳහැන්නදි

‍රැකව ප්‍රා.ප. මධ්‍යස්ථානය



Comments

Popular posts from this blog

Why you should visit NARA Regional Research Centre at Kadolkele?

විසිතුරු ජලජ පැළෑටි වගාවට නාරා අතහිත

ශ්‍රී ලංකාවේ වෙරල තීරයන්ට නීල ධජ ( Blue Flag ) සහතිකයක් !!!!